ඔලිම්පික් මීටර 100 රන් පදක්කම පිට පිට තෙවැනි වතාවටත් උසේන් බෝල්ට් හට (SBS සිංහල /වාර්තා)

Usain Bolt of Jamaica celebrates winning the Men's 100 meter final

RIO DE JANEIRO, BRAZIL - AUGUST 14: Usain Bolt of Jamaica celebrates winning the Men's 100 meter final Source: William Volcov/Brazil Photo Press/LatinContent/Getty Images

2016 Rio  ඔලිම්පික් තරගාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ඊයේ (අගෝස්තු 15දා) නිමාවට පත් වූ අතර, තුන්වැනි වතාවටත් එම ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට ජැමෙයිකානු ධාවන ශුර උසේන් බෝල්ට් සමත් විය. 29 හැවිරිදි බෝල්ට් තම ඉසව්ව Rio හිදී නිමාවට පත් කලේ තත්පර 9.81 කින්. 2008 Beijing ඔලිම්පික් උළෙලේදී ඔහු මීටර 100 ඉසව්ව තත්පර 9.69කින්ද, 2012 London  ඔලිම්පික් උළෙලේදී තත්පර 9.63කින්ද නිමාවට පත් කරන්නට සමත් විය.

මිට පෙර තහනම් උත්තේජක චෝදනා ලබා සිටි ඇමරිකානු ක්‍රීඩක Justin Gatlin හට මෙවර මීටර 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමි විය. ඔහු වාර්තා කල කාලය 9.89ක්.  වසර 120 ක ඔලිම්පික් ඉතිහාසය තුල කිසිදු කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් කෙටි දුර ධාවන ඉසව්වන් වලදී මෙලෙස පිට පිට රන් පදක්කම් තුනක් ජයගෙන නොමැති අතර, එම දස්කම කල පලමු ක්‍රීඩකයා  ලෙසද උසේන් බෝල්ට් වාර්තා අතරට එක්  වෙයි.  මිට පෙර 1984 සහ 1988 යන වසරවලදී ඇමරිකානු කෙටිදුර ධාවන ශුරයෙකු වූ කාල්  ලුවිස් මීටර 100 ඉසව්වේ රන් පදක්කම දෙවතාවක් හිමි කරගන්නට සමත් වී තිබේ.  මෙය බෝල්ට් සහභාගීවන  අවසන් ඔලිම්පික් තරගාවලිය වන අතර, තුන්වැනි වතාවටත් මීටර 100 ඉසව්ව ජයග්‍රහණය කල හැකි බවට ඉසව්වට පෙර තමන්ට ආත්ම  විශ්වාසයක්  තිබු බව බෝල්ට් තම ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශ කළේය. මෙවර Rio  ඔලිම්පික් උළෙලේදී උසේන් බෝල්ට් මීටර 200 සහ 4x 100M  ධාවන ඉසව්වන් වලටද සහභාගී වීමට නියමිතයි. මෙවර මීටර 200 ඉසව්වේදී නව ලෝක වාර්තාවක් සමගින් එම ඉසව්ව නිමාවට පත් කිරීම තම බලාපොරොත්තුව බව උසේන් බෝල්ට් පවසයි.

ඇමරිකාවට ඔලිම්පික් ඉතිහාසයේ පදක්කම් 1000 ක්

Michael Phelps
USA's Michael Phelps poses with his gold medal during the podium ceremony of the Men's swimming 4 x 100m Medley Relay Final Source: GABRIEL BOUYS/AFP/Getty Images

මේ අතර පසුගියදා  Rio  ඔලිම්පික් උළෙලේ  4x 100 කාන්තා  සහාය  පිහිනුම් ඉසව්වේ රන් පදක්කම ඇමරිකාව හිමි කරගැනීමත් සමග, ඔලිම්පික් ඉතිහාසයේ ඇමරිකා එක්සත් ජනපදය හිමිකරගත් 1000 වැනි රන් පදක්කම හිමි කරගත් බව ඇමරිකානු ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය.

ඇමරිකානු පිහිනුම් ශුර Michael Phelps හට රන් පදක්කම් 23ක්

තම ඔලිම්පික් ක්‍රීඩා දිවිය තුල හිමිකරගත් 23වැනි රන් පදක්කම හිමි කරගන්නට ඇමරිකානු පිහිනුම් ශුර   Michael Phelps පසුගියදා සමත් වූ අතර, තමන්ට තම ක්‍රීඩා දිවිය නිමාවට පත් කල යුතුව තිබුනේ මේ අයුරින් බව ඔහු තම අවසන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය. ඔහු  ඔලිම්පික් ක්‍රීඩා දිවිය තුල හිමි කරගෙන ඇති රන් පදක්කම් 23ට අමතරව, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් සමගින්  සමස්ත පදක්කම් 28 ක් හිමි කරගැනීමට සමත් වී තිබේ. තම ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙල වූ සිඩ්නි ඔලිම්පික් උළෙල සදහා 2000 වසරේ සහභාගී වන විට 15 හැවිරිදි වියේ පසුවූ Phelps 2016 වසරේ තම අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා Rio හිදී සහභාගී වන්නේ 31 හැවිරිදි, වාර්තාගත පිහිනුම් ක්‍රීඩකයෙකු ලෙසයි.

මීටර 400 ඉසව්වේ නව ලෝක වාර්තාවක්

Rio  ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ ජයග්‍රහණය නව ලෝක වාර්තාවක් සමගින් හිමි කරගන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩක Wayde van Niekerk පසුගියදා සමත් විය. 24 හැවිරිදි   Wayde  මෙම ඉසව්ව තත්පර 43.03 කින් නිම කරමින් මිට වසර 17කට පෙර ඇමරිකානු කෙටිදුර ධාවන ශුර Michael Johnson විසින් බිහිකර තිබු වාර්තාවක් බිද හෙලන්නට සමත් වීම විශේෂ සිදුවීමක්.


3 min read

Published

Updated



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now