SKIP TO MAIN CONTENT

වසන්ත ඔබේසේකර දිවි රඟමඩලින් සමුගනී.

Vasantha Obeysekara passes away.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

සිංහල සිනමාවේ ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (08/04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය .

මිය යන විට 80 වන වියෙහි පසුවූ ඒ මහතා වෙස් ගත්තෝ, වල්මත්වුවෝ, දියමන්ති, පළඟැටියෝ, දඩයම, කැඩපතක ඡායා, මාරුතය, දොරකඩ මාරාව, තීර්ත්‍ර යාත්‍රා, සළෙළු වරම, අසනි වර්ෂා, සෙව්වන්දි, ආගන්තුකයා යනාදී සිනමා නිර්මාණ රැසක් සිංහල සිනමාවට දායාද කළේය.

1958 ශ්‍රී ලංකා  විශ්ව විද්‍යාලයට ඇතුළු වු වසන්ත ඔබේසේකර 1962 දී විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ ඉතිහාසයට ගෞරව උපාධියක්ද ලබාගනිමින්ය.

ගුරුවරයකු ලෙස සිය රැකියා ජීවිතය අරඹන ඔහු 1964 දිනමිණ පුවත්පතේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළේය. 1971 ‘‘වෙස් ගත්තෝ’’ චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් කලා ජීවිතයට එක් වූ වසන්ත ඔබේසේකරයන් සිනමා කෘති රැසකට නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක විය.

අධ්‍යක්ෂණයට සහ තිර රචනය සඳහා ඔහුට ජනධිපති සම්මාන හතක් පමණ හිමි වු අතර නිර්මාණ හතරකට සරසවි සම්මාන හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now