SKIP TO MAIN CONTENT

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා දිවි ගමනට සමුදෙයි

Veteran Actor Jayalal Rohana passed away
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලාල් රෝහණ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 56 වැනි වියේ පසුවිය.

රංගන ශිල්පියෙකුට අමතරව නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ලේඛකයෙක්, වේශ නිරූපණ ශිල්පියෙක් මෙන්ම ගුවන් විදුලි නාට්‍ය රචකයෙක් ලෙසද ඔහු ප්‍රසිද්ධ වී තිබුණේය.

එමෙන්ම ජයලාල් රෝහණ මහතා දිගු කලෙක සිට උසස් පෙළ සිසුන්ට නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වීම ද සිදු කළේය.

සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම ජයලාල් රෝහණ මහතා අති දක්ෂයෙකු බවට පත්විය.

1995 දී පරක්‍රම නිරිඇල්ල විසින් අධ්‍යක්ෂණය කරන ලද අයෝමා චිත්‍රපටයේ ඔහුගේ මංගල සිනමා රංගනය සටහන් කළේය.

ජාතික රූපවාහිනියේ අතිශය ජනප්‍රිය වූ ඉසුරු යෝගය ටෙලි නාට්‍යයේ "මුතුමින" චරිතය නිසා ඔහු අතිශය ජනප්‍රිය විය.


 

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now