SKIP TO MAIN CONTENT

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් දිවි සැරියෙන් සමුගනී (SBS සිංහල/ වාර්තා)

!!!...සුවහසක් ජනී ජනයා සිය ස්වර නිර්මාණයන් හරහා ආනදයෙන් පුරවා ලු ගාන්ධර්වයානෙනි, ඔබට නිවන් සුව...!!! අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය සාතිශය සංවේගය පලකොට සිටි....

Veteran musician Pandit Amaradewa has passed away
Veteran musician Pandit Amaradewa has passed away

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් විරුදාවලි ලබා සිටින ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අද (නොවැ 3 ) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර අමරදේව ශූරීන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම අභාවප්‍රාප්තවි තිබේ. මිය යන විට ඔහු 88 වන වියේ පසුවිය.

ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි.

1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය.

කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.

අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.

‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.

‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි.

ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.

අමරදේවයන් අතින් තනු සහ සංගීතය නිර්මිත කාව්‍යමය නාට්‍ය අතර 'කරදිය', 'නළදමයන්ති', චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගැයූ ගීත දහස් ගණනක් සහ අනෙකුත් ය වෙනුවෙන් නිමානය කල සංගීත නිමාන විශාල සංක්‍යාවක් වෙයි.

පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව ශුරින් සමත් වුහ.

එමෙන්ම 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව  "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

 

!!!...සුවහසක් ජනී ජනයා සිය ස්වර නිර්මාණයන් හරහා ආනදයෙන් පුරවා ලු ගාන්ධර්වයානෙනි  ඔබට නිවන් සුව...!!!

 අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය සාතිශය සංවේගය පලකොට සිටි....

 

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂ සමරු වැඩසටහනක් හෙට - සිකුරාදා (නොවැ 4 දා) SBS සිංහල වැඩසටහනෙන් බලාපොරොත්තුවන්න....


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now