SKIP TO MAIN CONTENT

සුප්‍රකට ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා මෙල්බර්න් නුවරදී හදිසියේ අභවප්‍රාප්ත වේ

Sri Lankan Baila singer Desmond De Silva
Sri Lankan singer Desmond De Silva Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ. අද (ජනවාරි 9දා) ඕස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් සවස් කාලයේදී මෙල්බන් නුවරදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර අභාවයට හේතුව හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් ලෙසට වාර්තාවේ. ඒ මහතා මීට දින කිහිපයකට ඉහත දී මෙල්බර්න් නුවර සංගීත ප්‍රසංගයක් ද පවත්වා තිබේ.

ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා මිය යන විට 77 වන වියේ පසුවිය.

ඔහු 1963 දී Fire Flies නම් කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා ලෙස කොළඹදී සිය ගායන දිවිය ආරම්භ කලේය.

පසුව 1976 වසරේදී ඔහුගේම සංගීත කණ්ඩායමක් වන "Desmond and the clan" සංගීත කණ්ඩායම පිහිටුවීමට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පොප් කණ්ඩායම් කිහිපයක් සමඟම ඔහු කටයුතු කොට තිබේ.

අයිරින් ජොසපින්, සුවඳක් දැනේවි, යන්න රට වටේ, පොල්කටු හැන්දේ මිට වගේ, චූඩා මාණිකේ බලාලා, යමන් බන්ඩෝ වෙසක් බලන්න, සුමිහිරි පානේ, බැන්ජො රබානේ, ආදි ගීත ගණනාවකින් ඔහු අතිශය ජනප්‍රිය විය.

මෑතකදී අතිශය ජනාදරයට පත්වුණු හෙක්ටර් ඩයස් ගායන ශිල්පියාගේ යළි ගයන ලද ‘නිල්වන් මුහුදු තීරේ’ යන ගීතයේ ගීතයේ මුල් ගායකයා වනුයේද ඩෙස්මන්ඩ් ද සිල්වා මහතායි.

බයිලා ගී කලාවේ කැපී පෙනෙන ගායකයෙකු වුනු ඩෙස්මන් ද සිල්වා මහතා දශක 4කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රෙයේ නොමැකෙන සටහනක් තැබු ගායකයෙකු ලෙසයි සැලකේ.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhala 

  • SBS Radio APP එකෙන් (Free)

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now