ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් තුවාල ලැබූ වන සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් වැඩ අරඹයි

Veterinarians move into bushfire zones to save injured wildlife

Source: Zoos Victoria

වික්ටෝරියානු ප්‍රාන්තයේ ලැව් ගිනි වලින් තුවාල ලැබූ වන සතුන් හට ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍ය කණ්ඩායමක්  නැගෙනහිර Gippsland කලාපයේ Mallacoota ප්‍රදේශය වෙත ගොස් තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ සත්ත්වෝද්‍යාන දෙකක සේවක කණ්ඩයාම් වලට මෙලෙස Mallacoota ප්‍රදේශයට ඇතුල් වීමට ප්‍රාන්ත රජය අවසර දී තිබේ.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් පිහිටවනු ලැබූ ආපදා මෙහෙයුම් මධස්ථාන සමග එක්ව මෙම පශු වෛද්‍ය කණ්ඩායම කටයුතු කිරීමට නියමිතය.

ලැව් ගිනි හේතුවෙන් සමස්ත ඔස්ට්‍රෙලියාවේම සතුන් මිලියන 500 ක් පමණ මරණයට පත්වන්නට ඇතැයි ගණන් බලා ඇත.

ඒ අතරේ බරපතල ලෙස වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ත්ව විශේෂ ගණනාවක් ද ඇති බව වාර්තා වේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now