වික්ටෝරියා ප්‍රාන්තයට සරම්ප රෝගය පිළිබඳ අනතුරු ඇගවීමක්.

measles

Source: AAP

තවත් සරම්ප රෝගීන් සිව්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු සරම්ප රෝගීන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.

මෑතකදී හමුවූ සරම්ප රෝගීන් සිව් දෙනා හමුවී ඇත්තේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බන් ගුවන් තොටුපොළ, Chadstone සාප්පු සංකීර්ණය සහ Essendon D-F-O පරිශ්‍රය යන ජනාකීර්ණ ස්ථාන වලදී බව වික්ටෝරියානු ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා පවසයි.

ඔවුන් සිව් දෙනාගෙන් තුන්දෙනෙකු හටම සරම්ප රෝගය වැළදී ඇත්තේ ඔස්ට්‍රේලියාව තුළදීම බවත් එක් අයෙකුට පමණක් රෝගී තත්ත්වය රොමේනියාවෙදී වැළදී සැප්තැම්බර් 13වන දින මෙල්බන් නුවරට පැමිණ ඇති බවත් වාර්තා වේ.

සිරුරෙහි ලප ඇතිවීම සහ උණ ඇතිවීම වැනි රෝග ලක්ෂණ පිළිබඳ  වඩාත් සැලකිල්ලෙන් සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now