SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට අනායාස මරණය බලගැන්වීමේ නීතිය වික්ටෝරියානු ප්‍රාන්ත රජය බලාත්මක කරයි.

Euthanasia
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පැය 100 ක පමණ උණුසුම් විවාද වලින් පසුව අනායාස මරණය හෙවත් Euthanasia සම්බන්ධ පනත අද නිල වශයෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ නීතියක් ලෙස සම්මත කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සමත් විය.

ඒ අනුව සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා සහය දීම අනුමත කරන මෙම නීතිය  ඔස්ට්‍රේලියාවේ පළමු වරට බලාත්මක කිරීමේ ගෞරවය වික්ටෝරියානු ප්‍රාන්තයට හිමි වෙයි.

මෙම නීතිය 2019 වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අදහස් කරයි.

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ආන්දෝලනයට තුඩු දුන් Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ යෝජිත පනත් කෙටුම්පත සංශෝධන සහිතව පසුගිය නොවැම්බර් 22 ව දින වික්ටෝරියානු සෙනට් සභාවේදී වැඩි ඡන්ද 4 කින් සම්මත විය.

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 18 ක් ලැබුණි.

මෙහි ,මුල් යෝජනාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා සහය දීම අනුමත කිරීම මෙම පනතෙන් බලාත්මක කෙරේ.

නමුත් එම මාස 12 ක කාලය මාස 6 දක්වා අඩු කිරීමේ සංශෝධනයක් සෙනට් සභාවට ගෙන ආ අතර ඒ සඳහා අනුමැතිය ලැබුණු බව වාර්තා වේ.

නමුත් චාලක නියුරෝන රෝගයෙන් සහ පඨක ඝන වීමේ රෝග වලින් පෙළෙන රෝගීන් හට එම කාලය මාස 12ක් දකවා දීර්ඝ කෙරේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now