SKIP TO MAIN CONTENT

වික්ටර් ගේ බිරිඳ රිමාන්ඩ්

Victor Ratnayaka’s wife remanded
Source: Lakbima

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතා ගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය ලබන ජනවාරි 17වැනිදා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද (09/01) නියෝග කළේය.

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට බාරවූ ඇය තංගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012  වසරේ නොවැම්බර් 14 සිට  2016. වසරේ අප්‍රේල් 22 දක්වා වූ කාලයේ බැංකුව තුල සිදුවූ රුපියල් දොළොස් ලක්ෂ අසූදාහක් වටිනා රන් භාණ්ඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිණි.

සැකකාරිය රුපියල් ලක්ෂ හයක මුදලක් නැවත රාජ්‍ය බැංකුව වෙත ගෙවා ඇති බව තංගල්ල පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් තංගල්ල පොලිස් ස්ථානයෙන් කඩිනම් පරික්ෂණයක් සිදු නොවීම නිසා වහාම ක්‍රියාක්මක වූ තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ විශේෂ නියෝගයක් මත විශේෂ වංචා විමර්ශන ඒකකය වෙත භාර දී එමගින් වැඩිදුර පරික්ෂණ සිදු කර ඇත. 

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now