Victoria ප්‍රාන්තයේ ජාතිය මුල් කර ගෙන සිදු කරන වෙනස්කම් පිළිබද පැමිණිලි වැඩි වීමක් (SBS සිංහල/ වාර්තා)

peter

Minister Peter Dutton Source: AAP

Victoria ප්‍රාන්තයේ ජාතිය මුල් කර ගෙන සිදු කරන වෙනස්කම් පිළිබද පැමිණිලි වැඩි වීමක් වාර්තා වෙනවා.

Victorian Equal Opportunity and Human Rights Commission සංවිධානය පවසන්නේ මෙසේ ජාතිය මුල්කර ගෙන අපහාසාත්මක ක්‍රියා පිලිපද පැමිණිලි 34%න් වැඩි වී ඇති බවත් , නිල වශයෙන් එවන් පැමිණිලි ගොනු කිරීමද 76% කින් වැඩි වී ඇති බවයි

එම කොමිසමේ මහජන විමර්ශන අංශයේ පැමිණිලි ගනන වසර 2016-2017 කාලයේ 470 සිට 2017-2018 වර්ෂය වන විට 630 දක්වා වැඩි වී තිබේ .

එසේම නිල වශයෙන් ගොනු කල පැමිණිලි ගණන 77 සිට 136 දක්වා ඉහල ගොස් තිබේ .

වික්ටෝරියා ප්‍රාන්තයේ මානව හිමිකම් කොමසාරිස් Kristen Hilton පවසන්නේ මෙවන් ජාතිය මුල්කර ගත් විවිධ ප්‍රකාශ සිදු කරන දේශපාලකයන්ද මේ පිළිබද අවධානය යොමු කල යුතු බවයි

මෙම වාර්තාව ඉදිරිපත් වී ඇත්තේ මාස ගණනක් තිස්සේ මෙල්බන් නුවර අප්‍රිකානු තරුණ පාතාල කණ්ඩායම් පිලිබදව විවිද මත පල වීමෙන් අනතරුව වීමත් විශේෂත්වයක් .

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Peter Dutton ද මෙම තරුණ අපරාද නිසා මෙල්බන නුවර ජනතාව රාත්රියේ ගමන් යාමට බියෙන් පසු වන බව ප්‍රකාශ කිරීම නිසා විවේචනයට ලක් වුනා

Hilton මහත්මිය පවසන්නේ සමේ පැහැය ආදිය මුල් කර ගෙන සිදු කරන ප්‍රකාශ සමාජය තුල ගැටළු ඇති කරන බවයි . වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින බහුතරයක් ජනයා බහුසංස්කෘතිය අගය කරන නිසා මෙවන් කරුණු වලින් ඔවුන් ට ද බලපෑම් ඇති වන බවද ඇය පවසයි


1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now