SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරසය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්තයට සහ ACT වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

Victorian Premier Daniel Andrews
Victorian Premier Daniel Andrews Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය වැළක්වීමේ අරමුණින් වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

එම හදිසි තත්ත්වය අද (16/03) මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

මෙය සති හතරක කාලයක් බල පැවැත්වෙනු ඇති බවත් අවශ්‍යතාව අනුව දීර්ග කිරීමටද ඉඩ ඇති බව පැවසේ.

විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට යටත් වී සිටීම සහ පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් එක්රැස් වන ජන හමු පැවැත්වීම සහ සහභාගී වීම යන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට මෙම හදිසි තත්ත්වය යටතේ නඩු පැවරිය හැකිවේ.

500 කට අධික ජනයා ඒකරාශී වීමේ නීතිය පොදු ප්‍රවාහන සේවා, ආහාර පොළවල්, සේවා ස්ථාන, පාසල්, TAFE හෝ විශ්ව විද්‍යාල සඳහා අදාළ නොවන බවද සඳහන්.

ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ සිතා මෙම නීති හඳුන්වා දුන් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

මේ අතර කොරෝනා වයිරසය වැළක්වීමේ අරමුණින් Australian Capital Territory ද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සූදානම් වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now