වික්ටෝරියා ප්‍රාන්තයේ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සහ විවිධ රැකියා සඳහා යොමු කිරීම පිණිස හඳුන්වා දුන් නොමිලේ ලබාදෙන TAFE පාඨමාලා ලැයිස්තුවට තවත් පාඨමාලා කිහිපයක් එක් කර තිබේ.
ඔබට දැනටමත් වෘත්තීය පුහුණු සුදුසුකමක් (vocational education and training) හෝ විශ්ව විද්‍යාල උපාධියක් තිබුණා වුවද මීට අදාළ සුදුසුකම් සපුරා ඇත්නම් ඔබට ද දැන් නොමිලේ මෙම TAFE පාඨමාලා වෙත ප්‍රවේශ විය හැකිය.
ඔබට එකම වෘත්තීය මාර්ගයක් තුළ නොමිලේ TAFE පාඨමාලා එකකට වඩා කළ හැකි බවද වික්ටෝරියා ප්‍රාන්ත රජය දනුම් දෙයි.
ඒ අනුව ඔබට ගාස්තු නොගෙවා එකම වෘත්තීය මාර්ගයක් තුළම Certificate III, Certificate IV සහ ඩිප්ලෝමාව කළ හැකිය.
අලුතින් එක් කළ නොමිලේ ලබාදෙන TAFE පාඨ මාලා
- Diploma of Auslan
- Diploma of Interpreting (Auslan)
- Advanced Diploma of Interpreting (Auslan)
- Certificate III in Production Horticulture
- Diploma of Emergency Health Care
- Graduate Certificate in Client Assessment and Case Management
- Agricultural Chemical Skill Set
- Hybrid Electric Vehicle Inspection and Servicing Skill Set
- Battery Electric Vehicle Diagnose and Repair Skill Set
- Battery Electric Vehicle Inspection and Servicing Skill Set
- Mental Health Co-existing Needs Skill Set
- Mental Health Peer Work Skill Set
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
වික්ටෝරියා ප්‍රාන්තයේ නොමිලේ පිරිනමන සම්පූර්ණ TAFE පාඨ මාලා ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.
මේ සඳහා සැපිරිය යුතු සුදුසුකම්
වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ඕනෑම ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකුට හෝ නවසීලන්ත පුරවැසියෙකුට මේ සඳහා ලියාපදිංචි විය හැකිය.
ඔබට දැනටමත් විශ්ව විද්‍යාල හෝ TAFE මට්ටමේ හෝ කුමන මට්ටමේ සුදුසුකම් තිබුණත් ඔබට ඔබේ පළමු නොමිලේ TAFE පාඨමාලාව කළ හැකිය.
JobTrainer යටතේ Free TAFE fee waiver ලබා ඇති සිසුන්ට තවත් නොමිලේ TAFE පාඨමාලාවක් කළ හැකි අතර එය තමන් ඊට පෙර පෙර ආරම්භ කළ විෂය ධාරාවේ හෝ එසේ නොවන වෙනත් ධාරාවක හෝ එකක් විය හැකිය.

