SKIP TO MAIN CONTENT

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යයි

Victoria and NSW recorded more new Covid-19 cases
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ඊයේ (06/05) දිනයේදී පමණක් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 ක් බව වාර්තා වේ.

මෙම ප්‍රමාණය පසුගිය සති දෙකේදී එක් දිනක් තුළදී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද සඳහන්.

සිඩ්නි නුවර Newmarch වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ 37 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර කොරෝනා නිසා එහි 16 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

මේ අතර බටහිර මෙල්බර්න් කලාපයේ මස් සැකසුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 49 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදනය වූ මුළු පිරිස 6,875 ක් ලෙස දැක්වුණු අතර ඉන් 5,984 ක් සුවය ලබා ඇති බව වාර්තා වේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 97 කි.

 

මේ අතර කොරෝනා වයිරසය පැතිරීම වළක්වාලීමට පනවා ඇති නීති හා සීමාවන් ලිහිල් කිරීමේ අරමුණින් හෙට දිනයේදී ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය.

 

තත්ත්වය කෙතරම් යහපත් වුවද අලුතින් කොරෝනා ආසාදනය වූ පිරිස් තහවුරු වීම වැළක්විය නොහැකි බව අගමැති Scott Morrison, news.com.au පුවත් වෙබ් අඩවියට පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now