SKIP TO MAIN CONTENT

තවත් මරණ 13 ක් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 429 ක්

Five million Melburnians have spent their first night under a citywide, coronavirus-enforced curfew that will last the next six weeks.
Five million Melburnians have spent their first nights under a citywide, coronavirus-enforced curfew that will last the next six weeks. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද උදෑසන වන විට (03/08) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 429 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 13 ක්ද වාර්තා වී ඇත.

එම මරණ 13 ත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 136 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 221 ක් දක්වා ඉහළ නැග තිබේ.

අද උදෑසන වන විට අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 36 දෙනෙකු හට වයිරසය ආසාදනය වී ඇත්තේ දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු මගින් වුවද සෙසු 393 දෙනා හට වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ තවමත් විමර්ශනය කරමින් පවතී.

අද උදෑසන වන විට අලුතින් වාර්තා වූ කොරෝනා මරණ වලින් 8ක්ම aged care මධ්‍යස්ථාන වල වාසය කළ වියපත් පුද්ගලයෝ වුහ.

වික්ටෝරියානු ප්‍රාන්තයට බලපාන නව කොරෝනා නීති පිළිබඳ ප්‍රාන්ත අගමැති Daniel Andrews තව සුළු මොහොතකින් නිවේදනය කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now