අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ ඇති මඳ සිසිල් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී ප්‍රාන්තයේ ඇතිවුණු දරුණු ලැව්ගිනි තත්වයට මඳ අස්වැසිල්ලක්

CFA officers and their fire trucks.

A grassfire near Ballarat in Victoria is now under control thanks to a favourable weather change. Source: AAP

අද දිනයේදී (දෙසැ 31) වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ ඇති මඳ සිසිල් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී ප්‍රාන්තයේ ඇතිවුණු දරුණු ලැව්ගිනි තත්වයට මඳ අස්වැසිල්ලක් ලැබී ඇති වාර්තා වේ. කෙසේ වෙතත් ලැව්ගිනි අනතුරු සහ හදිසි අනතුරු ඇඟවීම් තවමත් ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි 70 ක් පමණ ඊයේ ආරම්භ වූ අතර එය ප්‍රධාන වශයෙන් නැගෙනහිර Gippsland කලාපයට බලපෑවේය.

ඊයේ දිනයේදී ලැව්ගිනි තත්වය අයහපත් අතට හැරීම හේතුවෙන් මෙල්බර්න් නගරයට තදාසන්න ප්‍රදේශ පහකින් ඉවත්ව යන ලෙස 1,00,000 කට ආසන්න පදිංචිකරුවන් හට දන්වා තිබිණ.

ඒසේම සති අන්තයේ නැගෙනහිර Gippsland ප්‍රදේශයට නිවාඩු ගත කිරීම සඳහා ගොස් සිටි 30,000 කට අසන්න පිරිසකටද ඉන් ඉවත් වන ලෙසට දැනුම් දෙනු ලැබිණ.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රී 7 සිට රාත්‍රී 8 දක්වා මෙල්බර්න් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 සිට අංශක 24 දක්වා පහත වැටුණි. ඒ හේතුවෙන් ලැව්ගිනි අනතුරු අවධානම මන්දගාමී වුනු බව ගිනි නිවීමේ අංශ පවසා සිටි.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now