SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළවල් රකින්න ෆෙඩරල් පොලීසියෙන් විශේෂ ආරක්ෂක සේනා.

Australia Politics
Source: www.afp.gov.au

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාවට නව ආරක්ෂක මිනුම් දඬු හඳුන්වා දෙන ලෙස වික්ටෝරියා ප්‍රාන්තය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව විශේෂයෙන් ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදුවිය හැකි ත්‍රස්ත ප්‍රහාර වලට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියේ විශේෂ ආරක්ෂක භට කණ්ඩායම් ස්ථානගත කරන මෙන් එහි දැක්වේ.

හෙට (09/06) දිනයේදී Hobart නුවර පැවැත්වීමට නියමිත අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල නායකයින් අතර Council of Australian Governments හෙවත් COAG රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොලිස් අමාත්‍ය Lisa Neville පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ වල සිදු වන ත්‍රස්ත ක්‍රියා සඳහා සූක්ෂමව හා උපායශීලිව ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රාන්ත ආරක්ෂක නිලධාරීන් හට මෙවැනි මෙහෙයුම් පිළිබඳ දැනුමක් ලබා දීම මෙමගින් අපේක්ෂා කරන බවද වාර්තා වේ.

පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා මත වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු තමන් සතුව බෝම්බයක් තිබෙන බව පවසා මැලේසියාවට අයත් ගුවන් යානයක නියමු කුටියට ඇතුල්වීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් එම යානය මෙල්බන් ගුවන් තොටුපොල වෙත නැවත ගොඩ බැස්සවීමේ සිදුවීමත් සමග මෙම කරුණ අලුත් වී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now