COVID-19 සඳහා වන මහජන සෞඛ්‍ය නියෝග බලාත්මක කිරීම වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි නීතිය තවත් මාස 6 කින් දීර්ඝ කෙරේ. ඒ සඳහා වුනු යෝජනාව ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත කොට ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews සමත්වූයේය.
මෙම පනත ඊයේ දිනයේදී (2 Aug) වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව විසින් සම්මත කරන ලදී . ඒ සඳහා පක්ෂව ඡන්ද 20 ක් සහ විපක්ෂව 19 ක් ලෙසින් එක් වැඩි චන්දයකින් සම්මත වීම ද විශේෂත්වයකි.
වික්ටෝරියා ප්‍රාන්තය තුල දැනට ක්‍රියාත්මක හදිසි නීතිය තවත් වසරකින් දීර්ඝ කිරීමට ප්‍රාන්ත අගමැති Daniel Andrews හට අවශ්‍යව තිබුනද ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙනුයේ එය තවත් මාස 6 කින් දීර්ඝ කරන්නේ නම් පමණක් බව පාර්ලිමේන්තුව නියෝජනය කරන කුඩා මන්ත්‍රී සංක්‍යාවක් නියෝජනය කරන පක්ෂ විසින් දැනුම් දී තිබිණ. ඒ අනුව Reason පක්ෂය, Animal Justice පක්ෂය සහ Greens පක්ෂ මන්ත්‍රීන්ගේ සහයෝගය මත හදිසි නිතිය තවත් මාස 6 කින් දීර්ඝ කර ගැනීමට වික්ටෝරිය ප්‍රාන්ත රජයට හැකියාව ලැබිණ.
මෙම දීර්ඝ කිරීම වික්ටෝරියා ප්‍රාන්තය තුල කොරෝනා මර්දන ක්‍රියාවලියට දැඩි පිටිවහලක් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ජෙනී මිකාකොස් පැවසුවාය.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
නැතිනම් SBS සිංහල සේවයේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalese
සවන්දෙන්න SBS සිංහල සේවයට සඳුදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා
පෙරවරු 11 සිට 12 දක්වා

