SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තය තුළ Uber කුලී රථ සේවාව නීතිගත කෙරේ.

Victoria has legalised the ride-sharing service Uber.
Source: Uber

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Uber කුලී රථ සේවාව වික්ටෝරියා ප්‍රාන්තයේ නීතිගත කර තිබේ.

ඒ අනුව 2018 වසරේ සිට සියලු වාණිජ නීතිගත ගමන් සඳහා ඩොලර් එකක බද්දක් බලාත්මක වනු ඇත.

මෙය කුලී පලපත්‍ර ගාස්තුව ප්‍රතිස්ථාපනය කරන අතර කුලී රථ සේවා මෙහෙයවන්නන් හට වන්දි ගෙවීම සඳහා එම මුදල් යොදා ගැනේ.

එමෙන්ම ප්‍රාන්ත රජය වන්දි වශයෙන් ගෙවූ මුදල මෙම බදු මුදල් වලින් පිරිමැසෙනවාද යන්න පිළිබඳ මාස කිහිපයකට පසුව අධීක්ෂණය කිරීමටද නියමිත බව සඳහන්.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් කලින් ගෙවීමට නියමිතව තිබු කුලී රථ බලපත්‍ර ගාස්තුව අහෝසි වන අතර එය ඩොලර් 23000 ක මුදලක් බව ගණන් බලා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now