SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 24: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 2 ක් සමග ආසාදිතයින් 12 ක්

Victoria has recorded 12 new coronavirus cases and two deaths
Source: AAP Image/James Ross

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 2 ක් සමග ආසාදිතයින් 12 ක් වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 773 කි.

එමෙන්ම අද (24/09) වන විට සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 861 කි.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 26.7 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මේ වන විට පනවා ඇති සිව්වන මට්ටමේ කොරෝනා නීති ලිහිල් කර තුන්වන මට්ටමට ගෙන ඒමට එම සාමාන්‍ය අගය 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක පවත්වාගත යුතුය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now