SKIP TO MAIN CONTENT

තවත් මරණ 11 ක් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 439 ක්

Aug 27: Victoria has recorded the lowest daily new cases since July 6
Source: AAP Image/Scott Barbour

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද උදෑසන වන විට (04/08) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 439 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 11 ක්ද වාර්තා වී ඇත.

එම මරණ 11 ත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 147 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 232 ක් දක්වා ඉහළ නැග තිබේ.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ aged care මධ්‍යස්ථාන ආශිරිතව සක්‍රිය කොරෝනා ආසාදිතයින් 1,186 ක් සිටින බව සඳහන්.

ආසාදිතයින් 400 කට අධික සංඛ්‍යාවක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now