නොවැම්බර් 13: අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවී සති දෙකක් ගත වේ

Melbourne

Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හෝ වාර්තා නොවේ.

 

ඒ අනුව අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ 14 වන දිනය ලෙස මෙය වාර්තා වේ.

 

ඒ සමග කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් එක් ආසාදිතයෙකු වාර්තා වන අතර වික්ටෝරියානු ප්‍රාන්තය පුරා සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3 ක් බව සඳහන්.

 

එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියානු ප්‍රාන්තය තුල පරීක්ෂණ සිදුකල පුද්ගලයින්ගේ සංක්‍යාව 12,000ක් පමණ වේ.

 

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා මරණ 819 ක් වාර්තා වී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම කොරෝනා මරණ සංඛ්‍යාව 907 කි.


1 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now