SKIP TO MAIN CONTENT

තවත් මරණ 6 ක් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 384 ක්

Coronavirus in Australia
ၾသစေၾတလ်ရဲ့ ကိုရိုနာဗိုင္းရပ္စ္ Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද උදෑසන වන විට (28/07) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 384 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 6 ක්ද වාර්තා වී ඇත.

එම මරණ 6ත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 161 ක් දක්වා ඉහළ නැග තිබේ.

මේ අතර කොරෝනා වසංගතයත් සමග සටන් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්තයේ aged care මධ්‍යස්ථාන වෙත අවශ්‍ය තරමේ පුද්ගලික ආරක්‍ෂිත උපකරණ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය වික්ටෝරියානු ප්‍රාන්ත රජය සමග එක්ව කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයට මුව ආවරණ මිලියන 1.5 ක් සපයා ඇති බව සඳහන්.

එමෙන්ම කොරෝනා වයිරසය ආසාදනය වූ aged care මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ව රෝහල් ගත කිරීමේදී වැඩිවන රෝගී පිරිසට ප්‍රතිකාර කිරීමේ ධාරිතාව ඉහළ දැමීමටද මධ්‍යම රජය වික්ටෝරියානු සෞඛ්‍ය අංශ වලට සහය වන බව අගමැති Scott Morrison පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now