නොවැම්බර් 06: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අඛණ්ඩව කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ හත්වන දිනය වාර්තා වේ

Coronavirus restrictions ease in Melbourne after the 2nd wave

Daniel Andrews - Premier of Victoria Source: AAP Image/Erik Anderson

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හෝ වාර්තා නොවේ.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අඛණ්ඩව කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ හත්වන දිනය ලෙසද මෙය වාර්තා වේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 1.3 දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයන් දෙදෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන බවද සඳහන්.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා මරණ 819 ක් වාර්තා වී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම කොරෝනා මරණ සංඛ්‍යාව 907 කි.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now