SKIP TO MAIN CONTENT

ඔක්තෝබර් 20: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් නොමැතිව අලුතින් එක් ආසාදිතයෙකු පමණක් හමුවෙයි

AAP
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් වාර්තා වන අතර කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 6.4 ක් දක්වා යළි පහත වැටී තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.4 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 13 දෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන බවද සඳහන්.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 817 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 905 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now