SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 10: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 7 ක් සමග නව ආසාදිතයින් 51 ක්

Coronavirus
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 7 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 51 ක් වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 701 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (10/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 788 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඉදිරි මාස කිහිපය සඳහා කොරෝනා මර්දනය වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉදිරිපත් කරන ලද කොරෝනා මර්දන මාර්ග ගත සැලැස්ම, මෙම ඛේදවාචකයෙන් මිදීම සඳහා ඇති එක සැලැස්ම වන බැවින්, ඉවසීමෙන් සහ ධෛර්යවන්තව කටයුතු කරන ලෙසට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලා සිටී.

පසුගිය දින 14 තුල වික්ටෝරියා ප්‍රාන්තයේ අළුතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් පහත බැසීමක් පෙන්නුම් කෙරින. එහෙයින් ප්‍රාන්ත රජය විසින් කොරෝනා මර්දන ආකෘතියක් සකස් කිරීම පිළිබඳ විවාද කිරීම හෝ ඒ පිළිබඳව කෝප වීම කිසිදු තේරුමක් නොමැති බවද ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now