වික්ටෝරියා ප්‍රාන්තයේ දෙසැම්බර් 30 සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු නව මුහුණුවරක් ගන්නා බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.
සාමාන්‍ය නිකුතුවේ වාහන අංක තහඩු වල නව අභ්‍යන්තර ආරක්ෂක අංගයක් හඳුන්වා දීම එම වෙනසට හේතුව බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු අලුත් වෙයි
වාහන අංක තහඩු වල නව අභ්‍යන්තර ආරක්ෂක අංගයක් හඳුන්වා දීම හරහා අපරාධ සහ අංක තහඩු සොරකම් අවම වනු ඇතැයි ප්‍රාන්ත රජය අපේක්ෂා කරන අතර සියලුම වික්ටෝරියානුවන්ට මෙයින් ප්‍රතිලාභ ලැබෙන බව ප්‍රාන්ත රජය විශ්වාස කරයි.
නව සාමාන්‍ය නිකුතුවේ වාහන අංක තහඩු මතුපිටට එබ්බවූ දිශානුගත ආරක්‍ෂක සලකුණු අමතර මට්ටමේ අනන්‍යතාවක් සපයනු ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඒ අනුව ඒවා නීති විරෝධී ලෙස පිටපත් කිරීම අපහසු කරන බවද වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කරයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන අංක තහඩු නිකුත් කිරීමේ අධිකාරිය වන VicRoads අංක තහඩු සොරකම් කිරීම සහ ක්ලෝනකරණයට එරෙහිව සටන් කිරීමට විසඳුමක් සඳහා වික්ටෝරියා පොලිසිය සහ අධිකරණ හා ප්‍රජා ආරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කරයි.
නව වාහන අංක තහඩුවල විශේෂත්වය
නව සැලසුමට අනුව වාහන අංක තහඩුවේ කුඩා කවයක් තුළ 'VIC' ලාංඡනය සටහන් කර තිබේ.
එමෙන්ම රසායනික හෝ භෞතික ක්‍රම මගින් ඉවත් කිරීමට තැත් කළද තහඩුවට හෝ නිමි ස්ටිකරයට හෝ හානියක් සිදු කිරීමකින් තොරව අදාළ ආරක්ෂක සලකුණු ගැලවිය නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කරයි.
මෙම නව මාදිලියේ තහඩුව මඟින් අපරාධකරුවන් අනුපිටපත් අංක තහඩු සාදා ඒවා මුල් පිටපතට සමාන මාදිලියේ වාහනයක තැබීම නැවැත්වීමත්, එම වාහනය පදවන විට ඔවුන් කරන ඕනෑම අපරාධයකට බිය නොවීම වැළැක්වීමත් මෙහි අරමුණු වේ.
මෙම සලකුණු කිරීම ඔස්ට්‍රේලියානු මුදල් නෝට්ටු නිෂ්පාදනයේ තැන්පත් කර ඇති holograms වලට සමාන වන අතර වාහන අංක තහඩු අනවසරයෙන් ප්‍රතිනිෂ්පාදනය කළ නොහැකි බව සහතික කරයි.
සියලුම සාමාන්‍ය නිකුතු සම්මත වාහන අංක තහඩු, ට්‍රේලර් අංක තහඩු, මධ්‍යම රජයේ “Z” අංක තහඩු සහ අමාත්‍යංශ වාහන අංක තහඩු ඇතුළුව වසරකට නව අංක තහඩු 430,000 ක පමණ මෙම නව ආරක්ෂක සලකුණු දිස්වනු ඇති බව ද වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.
නව වාහන ලියාපදිංචි කිරීම සහ නව අංක තහඩු නිකුත් කිරීම නිසා 2022 දෙසැම්බර් 30 සිට ක්‍රමානුකූලව නව වාහන අංක තහඩු මාර්ගවලදී දැකීමට වික්ටෝරියානුවන්ට හැකිවනු ඇත.
නව ආරක්ෂක සලකුණු සහිත සම්මත නිකුතු වාහන අංක තහඩු ඇණවුම් කරන රියදුරන්ට අමතර පිරිවැයක් නොමැති බවද ප්‍රාන්ත රජය පවසයි.

