SKIP TO MAIN CONTENT

වික්ටෝරියාව, නිව් සවුත් වේල්සය හා දකුණු ඔස්ට්‍රේලියාව මේ සති අන්තයේදී ගිනියම් ගිණියම් වෙයි : උෂ්ණත්වය 40 C ට.

Australian extreme hot weather
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රදේශ වල අද දිනය ඇතුළුව එළඹෙන සති අන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ත් 40 ත් අතර වන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

ඒ අනුව අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වල Total fire ban හෙවත් ගිනි ඇවිලීම සම්පූර්ණයෙන් තහනම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ  සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ.

අඩු අර්ද්‍රවතාවත් අධික සුළං තත්ත්වයත් හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ ගිනි ඇතිවීමේ ඉහළ අවදානමක්  පවතින බව වික්ටෝරියානු කාලගුණ කාර්යාංශයේ Dean Stewart සඳහන් කරයි.

මේ අතර ගෙවී යන අධික උෂ්ණත්වය සහිත දින වලදී කුඩා දරුවන් ව සහ සුරතල් සතුන්ව මෝටර් රථ තුළ තබා අගුළු දමා නොයන ලෙසද  බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එලෙස යම් පුද්ගලයෙකු හෝ සත්ත්වයෙකු වාහනයක් තුළ අගුලු දමා රඳවා ගොස් ඇත්නම් ඉකමණින් 000 න් හදිසි සේවා අංශ අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ හදිසි සේවා කොමසාරිස් Craig Lapsley ප්‍රකාශ කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now