SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්ත බීමත් රියැදුරන් පරීක්ෂාකරන ස්වශන පරීක්ෂණ වල ප්‍රථිපල විකෘති කිරීම පිළිබද පොලීසියට චෝදනා (SBS සිංහල/වාර්තා)

AAP
Source: AAP Image/Julian Smith

2 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS



Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තය තුල බීමත්  රියැදුරන් පරීකෂා කිරීම සදහා පොලීසිය විසින් සිදු කරන පරික්ෂාවේදී (breath tests) පරීක්ෂණ 258,000 ආසන්න ප්‍රමාණයක තොරතුරු වංචා සහගත ලෙස වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

මේ නිසා වික්ටෝරියානු මාර්ග අනතුරු පිළිබද කොමිසම (Victoria's Transport Accident Commission) පොලිසිය සදහා ලබාදෙන ඩොලර් මිලියන 4ක ප්‍රතිපාදන නවතා දැමීමට තීරණය කර තිබේ. අදාල පරීක්ෂණය සිදුකරණ උපකරණයේ වායු පිවිසුම් බටයට ඇගිල්ල තැබීමෙන් හෝ අදාල නිළධාරියා එයට පීඹීම මගින් මෙලෙස අදාල පරීක්ෂණ වල අවසන් ප්‍රථිපලය විකෘති කර ඇති බව සදහන්. මේ පිලිබදව සොයාබැලීමට හිටපු වික්ටෝරියානු පොලිස් කොමසාරිස් Neil Comrie මහතාගේ මුලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබේ.

වසර 5ක රියදුරු ස්වශන පරීක්ෂණ වල ප්‍රථිපල නැවත සලකා බැලීමේදී මිලියන 17.7ක් පරීක්ෂණ අතරින් 258,463ක් පරීක්ෂණ විකෘති කර ඇති බව තහවුරු වී තිබේ. එය සියයට 1.5ක ප්‍රතිශතයක්.

වික්ටෝරියානු පොලිස් නිලධාරීන් පිරිසකගේ මෙම ක්‍රියාකලාපය පිළිබද තමන් අතිශය කනගාටුවට පත්වන බව මේ පිලිබදව අදහස් දක්වමින් වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසියේ වෘත්තීය ප්‍රමිතීන් පිළිබද නියෝජ්‍ය කොමසාරිස් Russell Barrett මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේය.

පොලිසියේ සමානය රාජකාරි වල නිරතව සිටි නිලධාරීන්, highway patrol නිලධාරීන් සහ දුෂ්කර ප්‍රදේශ වල සේවයේ නියුතු නිලධාරීන් ප්‍රධාන වශයෙන් මෙම දත්ත විකෘති කිරීමට දායක වී ඇති බව සදහන්. මෙහිදී අපරාධ හෝ වංචා සිදු වී ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවත්, වැරදිකරුවන් බවට පත් වූ අයට මෙහි බලපෑමක් සිදු වී නොමැති බවත් Russell Barrett මහතා වැඩි දුරටත් පවසයි.

පසුගිය වසර 5ක ප්‍රථිපල පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ ක්‍රමවේදයක් යටතේ සිදු වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

පොලිස් බස්රථ  මගින් වික්ටෝරියානු ප්‍රාන්තය තුල රියදුරන්ගේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පරික්ෂා කරන අවස්ථාවලදී මෙය සිදු වී ඇති බවට මේ වනතෙක් තොරතුරු ලැබී නැතැයි වැඩි දුරටත් සදහන්.

මේ සම්බන්දයෙන් කරුණු සොයාබැලීමට පවැත්වෙන පරීක්ෂණය අපක්ෂපාති ස්වාධීන පරික්ෂණයක් ලෙස පවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද නියෝජ්‍ය කොමසාරිස් Russell Barrett වැඩි දුරටත් සදහන් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now