SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නගරයේ පැවති lockdown විරෝධී උද්ඝෝෂණයට සහභාගී වූ 74 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Police scuffle with protesters during an anti-lockdown protest in Melbourne on 13 September.
Police scuffle with protesters during an anti-lockdown protest in Melbourne on 13 September. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඊයේ (13/09) මෙල්බර්න් නගරයේ පැවැත්වූ lockdown විරෝධී උද්ඝෝෂණයට සහභාගී වූ 74 දෙනෙකු වික්ටෝරියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව තවත් පුද්ගලයින් 176 දෙනෙකුට lockdown  නීති කඩ කිරීම සම්බන්ධයෙන් දඩ නිකුත් කර ඇත.

මෙල්බර්න් නගරයේ පිහිටි Queen Victoria වෙළෙඳ පොළ ආශ්‍රිතව පැවැත්වුණු මෙම විරෝධතාවට පුද්ගලයින් 250 ක පමණ පිරිසක් සහභාගී වූ බව පොලීසිය පවසයි.

එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර ඇතැම් විරෝධතාකරුවන් පොලිසියට පළතුරු පවා වීසි කළ බව වාර්තා වේ.

මේ අතර වික්ටෝරියානු පාර්ලිමේන්තු සංකීර්ණයද තාවකාලිකව වසා දමා තිබේ.

පසුගිය සතියේ එහි සේවය කළ ආරක්ෂික සාමාජිකයෙකු හට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහුවරු වීමෙන් අනතුරුව වික්ටෝරියානු පාර්ලිමේන්තු සංකීර්ණය එලෙස තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now