SKIP TO MAIN CONTENT

මරණය දක්වා වෙඩි තැබීම සඳහා වික්ටෝරියානු පොලීසියට නුදුරේම බලය හිමිවන ලකුණු.

Victoria Police will get shoot-to-kill powers.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජීවිත හානි සිදුවීමට හැකි අවස්තාවකදී අදාළ ප්‍රහාරකයින් හට මරණය දක්වා වෙඩි තැබීමට සහ අධිකරණ අවසරයකින් තොරව අදාළ සැකකරුවන් ව දින 4ක් පුරාවට පොලිස් අත්අඩංගුවේ තබාගැනීමට වික්ටෝරියානු පොලීසියට නුදුරේම බලය හිමිවන බව වාර්තා වේ.

පසුගිය ජුනි මාසයේ Brighton ප්‍රදේශයේ සිදුවූ මාරාන්තික වෙඩි තැබීමේ සිදුවීමත් සමග පැනනැගුනු යම් ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කිරීමේ අරමුණින් වික්ටෝරියානු පොලීසියේ ආර්ෂක පටිපාටි සංශෝධනය කිරීම සඳහා වාර්තාවක් කැඳවනු ලැබීය.

නිර්දේශ 16 ක් මත පදනම් වූ මේ වාර්තාවට අනුව මෙලෙස ජීවිත හානි සිදුවීමට හැකි අවස්තාවකදී අදාළ ප්‍රහාරකයින් හට මරණය දක්වා වෙඩි තැබීමට සහ අධිකරණ අවසරයකින් තොරව අදාළ සැකකරුවන් ව දින 4ක් පුරාවට පොලිස් අත්අඩංගුවේ තබාගැනීමට වික්ටෝරියානු පොලීසියට බලතල ලබා දීම නිර්දේශ කර තිබේ.

මෙම නව නිර්දේශය එළඹෙන ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රාජ්‍ය සහ ප්‍රාන්ත රජයන් අතර පවත්වන රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත අතර 2018 වසරේදී පාර්ලිමේන්තුවට පනතක් ලෙසින් ගෙන ඒමටද අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත්, මෙමගින් වික්ටෝරියානු වැසියන්ගේ ආරක්ෂාව තවත් තහවුරු කිරීමට හැකිවනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now