SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත සහ කැපිටල් ටෙරිටරි දේශසීමා දොරටු වැසේ

Motorists approach the Queensland / New South Wales border checkpoint at Coolangatta on the Gold Coast, Monday, December 21, 2020.
Motorists approach the Queensland / New South Wales border checkpoint at Coolangatta on the Gold Coast, Monday, December 21, 2020. Source: AAP

2 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවදානම් ප්‍රදේශයන්හි සිට නැවත පැමිණීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා කාලය පැවතින.

මේ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු නැවතත් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන වික්ටෝරියානු වැසියන් අනිවාර්ය දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු වේ.

එමෙන්ම ග්‍රේටර් සිඩ්නි සහ නිව් සවුත් වේල්ස් Central Coast හි වැසියන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළු වීමට අවශ්‍යනම් දින 14ක අනිවාර්ය හෝටල් නිරෝධායනයකට යටත් විය යුතු වන බවද වික්ටෝරියා ප්‍රාන්තය අවධාරණය කොට සිටි.

Minister for Health Greg Hunt has condemned abuse directed towards healthcare workers.
Minister for Health Greg Hunt Source: AAP

තම දේශසීමා සඳහා දැඩි නීති පැනවීමට එම ප්‍රාන්ත නායකයින් සම්බන්ධයෙන් තමන්ට වැටහීමක් පවතින අතර මෙය තාවකාලික වසා දැමීමක් වනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටි

එමෙන්ම අද උදෑසන සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා සිය දේශ සීමා වසා දැමු බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සඳහන් කොට සිටි. ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk සඳහන් කොට සිටින්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමඟ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දැඩි දේශ සීමා නිල වශයෙන් යළිත් ක්‍රියාත්මක වන බවයි.

Queensland Premier Annastacia Palaszczuk speaks during a press conference in Brisbane, Sunday, 20 December, 2020.
Queensland Premier Annastacia Palaszczuk speaks during a press conference in Brisbane, Sunday, 20 December, 2020. Source: AAP

අග්‍රාමාත්‍යවරිය පවසන්නේ ,මෙය අසීරු තීරණයක් වන නමුත් මේ වනවිටත් තම ප්‍රාන්තය තුල සිටින සෙසු ප්‍රාන්ත වලින් පැමිණි විශාල පිරිසකගේ සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ගේ යහපත උදෙසා මෙම තීරණයට එළැඹි බවයි.

මේ අතර නත්තලට පෙර ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය තුල පවතින ගමන් සීමා ලිහිල් නොකරන බව කැන්බරා සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කොට සිටී.

ග්‍රේටර් සිඩ්නි,Central Coast හෝ Wollongong යන ප්‍රදේශ වල සංචාරය කල ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි වැසියන් COVID-19 පරීක්ෂණයකට බදුන් විය යුතු අතර නිරෝධායන කාලසීමවකටද යටත් විය යුතු වේ.

ප්‍රාන්ත අතර සංචාරය කිරීමට සිතන ඕනෑම අයෙකු ඔවුන්ගේ සැලසුම් නැවත සලකා බලා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට යාමෙන් වැළකී සිටිය යුතු බව ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය Kerryn Coleman ජනතාවගෙන් ඉල්ලා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now