SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල කොරෝනා ආසාදිත පිරිස ඉහළට

Coronavirus Lab
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස 9 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

30 වන වියෙහි පසුවන වික්ටෝරියානු ප්‍රාන්තයේ කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව නවතම වාර්තා දක්වයි.

ඉරානයේ සිට මෙම කාන්තාව මෙල්බර්න් ගුවන් තොටුපොළට පැමිණ ඇති බව වික්ටොරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ඊයේ තහවුරු කළේය.

ඒ අනුව එම ගුවන් යානයේ පැමිණි අනෙක් මගීන් පිළිබඳවද බලධාරීන් සොයා බලන බව සඳහන්.

අදාළ කාන්තාව පසුගිය සෙනසුරාදා රෝහල් ගතවී ඇති අතර අනතුරුව ඇයව වෙනමම කුටියක ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ඒ අනුව ඇයට කොරෝනා වයිරසය වැළදී ඇති බව ඊයේ තහවුරු වී තිබේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස 5 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉරානයේ සිට පැමිණි හතළිස් වියෙහි පසුවන පුද්ගලයකු හට කොරෝනා ආසාදනය වී ඇති බවට නවතම තොරතුරු හෙළිවීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස 5 දක්වා ඉහළ ගොස්  ඇත.

මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රමාණය 9 ක් බවට මේ වන විට තහවුරු වී ඇති අතර මෑතකදී වාර්තා වූ ඉරානයේ සිට පැමිණි 63 හැවිරිදි කාන්තාවද ඊට ඇතුළත් වේ.

මේ හේතුව නිසා රෝහල් වලට ඇතිවන පීඩනය අවම කිරීමට සහ ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සැලසීමට ප්‍රාන්ත රජය කටයුතු කරන අබව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Steven Miles පවසයි.

මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස 26 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now