SKIP TO MAIN CONTENT

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට පනවා ඇති ප්‍රාන්ත සීමා නීති ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්

South Australian Police stopping vehicles near the SA border 5kms east of Pinnaroo, South Australia
South Australian Police stopping vehicles near the SA border 5kms east of Pinnaroo, South Australia Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

කොරෝනා හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය සඳහා පනවා ඇති දේශ සීමා තර කිරීම් ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වේ.

ප්‍රාන්ත අතර සංචරණය සඳහා මේ වන විට භාවිත කරන දේශසීමා බලපත්‍ර ක්‍රමය දෙසැම්බර් 12 වනදා සිට ඉවත් කිරීමට වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි බ්‍රෙට් සටන් විසින් නිර්දේශ කර තිබේ.

COVID-19 ආසාදන නොමැතිව දකුණු ඕස්ට්‍රේලියාවේ දින 10 ක කාලයක් පසුකොට ඇති හෙයින් මෙම තීරණයට එළඹී බවත්, ගුවන් ගමන් සහ මහා මාර්ග මුරපොලවල් සඳහා අහඹු කොරෝනා පරික්ෂා සඳහා ඉඩකඩ සැලසීම මඟින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සිදුවෙනු ඇති බවටත් බ්‍රෙට් සටන් පවසයි.

මේ අතර දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාෂල් පවසා සිටිනුයේ නත්තලට පෙර බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය සමඟ ඇති තම ප්‍රාන්ත දේශ සීමා ලිහිල් කිරීම පිළිබඳව අද දිනයේදී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා සමඟ සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම සිකුරාදා සිට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියනට නිරෝධායනයට ලක් නොවී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීම සඳහා අවසර හිමිවෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now