SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 21: දෙවැනි කොරෝනා රැල්ල හටගත් දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අඩුම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වේ

Mwanaume apita mbele ya bango mjini Melbourne.
Mwanaume apita mbele ya bango mjini Melbourne, lenye ujumbe kuhusu COVID-19. Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 2 ක් සමග ආසාදිතයින් 11 ක් වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල ඇතිවූ දින සිට එක් දිනකදී අලුතින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 763 කි.

එමෙන්ම අද (21/09) වන විට සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 851 කි.

මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය තව දුරටත් පහත බැස ඇති බවත් එය සුබදායී තත්ත්වයක් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

අද වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ එම සාමාන්‍ය අගය 34.4 ක් ලෙස සටහන් වේ.

කෙසේවෙතත්, කොරෝනා නීති ඉතා ඉක්මණින් ඉවත් කිරීම පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අනතුරු ඇඟවීමක් සිදු කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now