SKIP TO MAIN CONTENT

අගෝස්තු 25: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 148 ක් සමග තවත් කොරෝනා මරණ 8 ක්

Coronavirus
Signage for social distancing is seen outside of Luna Park in Melbourne,Stage four coronavirus restrictions are in force across metropolitan Melbourne Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 8 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 148 ක් වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 438 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 525 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 3,731 ක් සිටින අතර ආසාදිතයින් 629 ක් රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර මේ වන විට ක්‍රියාත්මක කෙරෙන state of emergency තත්ත්වය තවත් මාස 12 ක් දීර්ග කිරීමට හැකියාව ඇතිදැයි සොයා බැලීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පියවර ගෙන තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු 16 වන දින වික්ටෝරියානු ප්‍රාන්තයට state of emergency තත්ත්වයක් ප්‍රකාශ කෙරුණි.

එය කිහිප වරක් දීර්ග කෙරුණු අතර එළඹෙන සැප්තැම්බර් 13 වන දිනෙන් අවසන් වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now