සැප්තැම්බර් 23: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 5 ක් සමග ආසාදිතයින් 15 ක්

Healthcare workers work at a drive through pop up coronavirus testing facility in Clyde, Melbourne.

Healthcare workers work at a drive through pop up coronavirus testing facility in Clyde, Melbourne. Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 5 ක් සමග ආසාදිතයින් 15 ක් වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 771 කි.

එමෙන්ම අද (23/09) වන විට සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 859 කි.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 29.4 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මේ වන විට පනවා ඇති සිව්වන මට්ටමේ කොරෝනා නීති ලිහිල් කර තුන්වන මට්ටමට ගෙන ඒමට එම සාමාන්‍ය අගය 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක පවත්වාගත යුතුය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now