SKIP TO MAIN CONTENT

අගෝස්තු 13: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 278 ක් සමග තවත් මරණ 8 ක්

Coronavirus Assessment clinic
Coronavirus Assessment clinic Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 278 ක් සමග තවත් කොරෝනා මරණ 8 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 275 ක් දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 360 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ (12/08) පෙරවරුවේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 410 ක් සමග කොරෝනා මරණ 21 ක් වාර්තා විය.

ඊයේ (12/08) පෙරවරුවේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now