SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 22: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 3 ක් සමග ආසාදිතයින් 28 ක්

Victoria records six new locally-acquired COVID-19 cases
Victoria records six new locally-acquired COVID-19 cases Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 3 ක් සමග ආසාදිතයින් 28 ක් වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 766 කි.

එමෙන්ම අද (22/09) වන විට සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 854 කි.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මේ වන විට පනවා ඇති කොරෝනා නීති මේ සති අන්තයේදී තරමක් ලිහිල් කරනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත වාසීහු අපේක්ෂා කරති.

පසුගිය ජුනි 16 වනදායින් අනතුරුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා විය.

ඊයේ දිනයේදී (21/09) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 2 ක් සමග ආසාදිතයින් 11 ක් වාර්තා විය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල ඇතිවූ දින සිට එක් දිනකදී අලුතින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද එය වාර්තා වේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 32.8 ක් ලෙස සටහන් වේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මේ වන විට පනවා ඇති සිව්වන මට්ටමේ කොරෝනා නීති ලිහිල් කර තුන්වන මට්ටමට ගෙන ඒමට එම සාමාන්‍ය අගය 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක පවත්වාගත යුතුය.

කෙසේවෙතත්, වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති කොරෝනා නීති වේලාසනින් ඉවත් නොකරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නියෝජ්‍ය වෛද්‍ය නිලධාරී Nick Coatsworth පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now