SKIP TO MAIN CONTENT

අගෝස්තු 12: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මරණ 21යි ,අලුතින් කොරෝනා ආසාදිතයින් 410 යි. ප්‍රාන්ත අගමැතිට චෝදනා

Victorian Premier Daniel Andrews speaks during a press conference in Melbourne to discuss the latest COVID-19 figures across Victoria, Saturday, August 1, 2020. (AAP Image/David Crosling) NO ARCHIVING
Victorian Premier Daniel Andrews has announced big spike in coronavirus infections. Source: AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

අද - අගෝස්තු 12 වන බදාදා උදෑසන වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 21 ක් වාර්තා වී තිබේ. මෙම සංඛ්‍යාව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් පැය 24 ක් තුලදී වර්තාවුනු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් Covid 19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 267 ක් දක්වා ඉහල යන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 352ක් දක්වා ඉහන යයි.

එසේම ගතවුණු පය 24 තුල ප්‍රාන්තයෙන් අලුතින් වාර්තාවුණු කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 410කි.

වික්ටෝරියානු සෞඛ්‍ය අංශ බලධාරීන් මීට පෙර අනතුරු ඇඟවා සිටියේ වෛරසය වැළඳී රෝහල් ගතව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනුව මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

ඊයේ - අගෝස්තු 11 වන අඟහරුවාදා වන විට පුද්ගලයින් 650 ක් රෝහල් ගතව සිටින බවට වාර්තා වුනු අතර 43 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

වික්ටෝරියාගේ සමස්ත මරණ වලින් 150 කට වඩා සිදුවී ඇත්තේ වැඩිහිටි සත්කාරක නිවාස වලිනි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි බ්‍රෙට් සටන් පැවසුවේ ලෝකයේ වෙනත් රටවල සිදුවෙමින් පවතින කොරෝනා මරණ හා සසඳන විට දිනකට මරණ 20 ක් සිදුවීම “සාපේක්ෂව අඩු සංඛ්‍යාවක් ” බවයි.

මේ අතර වික්ටෝරියා හි කොරෝනා සම්බන්ද හෝටල් නිරෝධායන යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජයන් අතර වචන හුවමාරුවක් ද සිදුව තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන ක්‍රියාවලිය සඳහා රජයේ ආරක්ෂක හමුදා සේවය වෙනුවට පෞද්ගලික ආරක්ෂක සේවා යොදාගැනීම සම්බන්දයෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජයට දැඩි චෝදනාවක් එල්ලවී ඇත. ප්‍රාන්තයේ කොරෝනා පොකුරු ඇතිවීම සහ ප්‍රජා අසාදනය ව්‍යාප්ත වීමට එම පෞද්ගලික ආරක්ෂක සේවාහි පුද්ගලයින් ඍජුව බලපා ඇතිබව මේ වන විට හඳුනාගෙන තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඊයේ දිනයේදී COVID-19 වසංගතයට වික්ටෝරියා ප්‍රාන්ත රජය ක්‍රියාකරන අයුරු සහ ප්‍රතිචාරදක්වන අයුරු පිළිබඳව වන පාර්ලිමේන්තු විමර්ශනයකට මුහුණ දුන්නේය. 

අග්‍රාමාත්‍ය ඩැනියෙල් Daniel Andrews කියා සිටියේ ප්‍රාන්තය තුල මෙම හෝටල් නිරෝධායන යෝජනා ක්‍රමය ආරම්භ වන විට ඕස්ට්‍රේලියානු ආරක්ෂක බළකාය හෝටල් ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවූ බවයි.

නමුත් මධ්‍යම රජයේ ආරක්ෂක ඇමති ලින්ඩා රෙනෝල්ඩ්ස් පැවසුවේ වික්ටෝරියා ප්‍රාන්තයට අවස්ථා කිහිපයකදීම හෝටල් නිරෝධායන ක්‍රියාවලියට අවශ්‍ය සහය දැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක බළකාය ලබාදීමට යෝජනා ඉදිරිපත් කල නමුත් ප්‍රාන්ත රජය එයට නිසි ප්‍රතිචාර නොදැක්වූ බවයි.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

නැතිනම් SBS සිංහල සේවයේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalese

සවන්දෙන්න SBS සිංහල සේවයට සඳුදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා

පෙරවරු 11 සිට 12 දක්වා 

SBS සිංහල සේවයට සවන්දෙන්න දැන් SBS Radio APP මඟින් පුළුවන් (free download)

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now