SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අදත් කොරෝනා ආසාදිතයින් 400 පනී, මරණ වැඩිවෙයි. ඒ අතරේ ප්‍රාන්ත රජයෙන් නව කොරෝනා මුදල් ආධාරයක්

Victoria Increases COVID-19 Testing As Government Considers Easing Coronavirus Lockdown Restrictions
A medical practitioner prepares to administer a test on a member of the public at a drive through testing clinic in Melbourne. Source: Getty Images

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

අද දිනය වන විට (ජූලි 23) වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 403 දෙනෙකු අළුතින් වාර්තා වී තිබේ. එසේම ඊයේ දිනයේදී (ජූලි 22) වික්ටෝරියා ප්‍රාන්තයෙන් එතෙක් මෙතෙක් වාර්තා වුනු වැඩිම දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව වර්තාවුණු අතර එය 484 කි. ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් 13,000 ස දක්වා ළඟාවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

එසේම අද දිනය වන විට (ජූලි 23) වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වුනු කොරෝනා මරණ 5 ක් වාර්තා වී තිබේ. ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 133 ක් දක්වා ඉහල නැඟ ඇත.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට covid 19 පරීක්ෂණ හේතුවෙන් අපහසුතාවට ලක්ව ඇති ජනයාට මුල්‍යමය සහනාධාරයක් ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි. බොහෝ ජනතාව නිවාඩු ප්‍රශ්න හේතුවෙන් සහ ආදායම් මාර්ග සම්බන්ද ගැටළු හේතුවෙන් covid 19 පරීක්ෂණයට සහභාගීව ප්‍රතිඵල පැමිණීමට පෙර රැකියා කරා යන බවට හෙළිවීම මෙයට හේතුවයි. කොරෝනා පරීක්ෂණ සඳහා පවතින අධික තදබදය හේතුවෙන් මේ වන විට ප්‍රතිපල ලැබීමේ කාල සීමාව දින 3 සිට 5 දක්වා කාලයක් ගතවන බවද වාර්තා වේ.

ඒ අනුව යමෙකු covid 19 පරීක්ෂණයට බඳුන්වුනු පසු ප්‍රතිඵල පැමිණෙන තෙක් නිවසේ රැඳී සිටීම සඳහා නිවාඩු නොමැතිනම් ඔවුනට ඩොලර් 300ක මුදල් ප්‍රතිපාදනයක් ලබාදීමට රජය බලාපොරොත්තු වේ. එමෙන්ම යමෙකුගේ covid 19 පරීක්ෂණයෙන් රෝගය වැළඳී ඇති බවට සනාථ වුවහොත් එම පුද්ගලයා හට අසනීප නිවාඩු නොමැති නම් නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වන කාල සීමාවේදී ඩොලර් 1500 ක මුදල් ප්‍රතිපාදනයක් ද වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් ගෙවනු ලැබේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් Andrews පවසනුයේ වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා අදාල සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකළහොත්, දැනට පවතින lock dawn කාල සීමාව තවදුරත් දීර්ඝ වනු ඇති බවයි. එසේම දහස් ගණන් ජනයා අසනීප තත්ව වාර්තා වුවද අදාල සමාජ දුරස්ථභාවය නොපවත්වගැනීම වෛරස ව්‍යාප්තියට හේතුවී ඇතැයිද ඩැනියෙල් Andrews පවසා සිටී.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now