SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද තවත් කොරෝනා මරණ 3 ක්, ඔස්ට්‍රේලියාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 126 ක් දක්වා ඉහළට

Coronavirus
Source: Amarjeet Kumar Singh/AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

අද වනවිට (21 July) වික්ටෝරියා ප්‍රාන්තයෙන් අළුතෙන් වාර්තා වුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 374 ක් ලෙසට සනිටුහන් වෙයි. එසේම වයස අවුරුදු 80 දශකයේ, 90 දශකයේ සහ වයස අවුරුදු 100 ට වඩා වැඩිමහල් පුද්ගලයින් තිදෙනෙකුද මරණයට පත්ව ඇත.

ඒ සමඟින් මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 126 ක් දක්වා ඉහල යයි. එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් කොරෝනා හේතුවෙන් මියගිය ගණන 42 ක් දක්වා ඉහල නැඟ තිබේ.

මේවන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 2,913 ක් වාර්තා වන අතර පුද්ගලයින් 147 දෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල් වල ප්‍රතිකාර ලබති. එසේම හදිසි ප්‍රතිකාර සේවා අංශවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 31 දෙනෙකි.

වික්ටෝරියානු අගමැති ඩැනියෙල් Andrews පවසන්නේ වෛරසය පාලනය කර ගැනීමට ප්‍රජාවේ සාමූහික උත්සාහය අවශ්‍ය බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රන්තයේද නැවතත් කොරෝනා

නිව් සවුත්වේල්ස් ප්‍රන්තයේද නැවතත් කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහල යාමේ ලකුණු පෙන්වීම නිසා හැකිතරම් තම ගමන් බිමන් සිමා කොට මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසට ප්‍රාන්ත රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉරිදා රාත්‍රී 8 න් අවසන්වුනු පැය 24 තුලදී ප්‍රාන්තයෙන් අළුත් කොරෝනා රෝගීන් 20 දෙනෙකු හඳුනා ගැනින . මෙය මාස 3 කට පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වුනු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.

ඉදිරි සති කිහිපය තීරණාත්මක බැවින් කොරෝනා අසාදනය වලක්වා ගැනීම සඳහා අතිරේක අවදානයක් යොමුකරන ලෙසට නිව් සවුත්වේල්ස් ප්‍රන්ත අගමැතිනී Gladys Berejiklian පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now