SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 295 දක්වා පහත යනවිට මරණ සංඛ්‍යාව ඉහළ යයි

Victoria has recorded no new coronavirus deaths for the first time since mid-July
Victoria has recorded no new coronavirus deaths for the first time since mid-July Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද උදෑසන වන විට (29/07) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 295 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 9 ක්ද වාර්තා වී ඇත.

එම කොරෝනා මරණ 9 න් 7 ක්ම aged care මධ්‍යස්ථාන වල වාසය කළ වියපත් පුද්ගලයෝ වූ බවත් ඔවුන්ගේ වයස් අවුරුදු 60 ත් 90 ත් අතර වූ බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තය පුරා aged care මධ්‍යස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින් හා එහි කාර්ය මණ්ඩලය ආශ්‍රිතව සක්‍රිය කොරෝනා ආසාදිතයින් 804 ක් සිටින බවද ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 92 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවේම කොරෝනා මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now