මැයි 29: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක්

Health workers conduct Covid-19 testing at the Montague st centre in South Melbourne , Friday  May 28, 2021.

Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 35 දක්වා වැඩිවී තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 56,624 සිදුකර ඇත.

මේ අතර ඊයේ දිනයේදී (28/05) කොරෝනා එන්නත් මාත්‍රා 21,626 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී ඇති අතර එය ප්‍රාන්තයෙන් එක් දිනකදී මෙතෙක් ලබා දුන් ඉහළම කොරෝනා එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලෙසට ද වාර්තා වේ.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now