SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වෙයි

Coronavirus death
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය හේතුවෙන් මෙතෙක් ඔස්ට්‍රේලියාවේ මිය ගිය පිරිස 155 දක්වා ඉහළ ගොස් තිබේ.

සෙනසුරාදා (25/07) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා මරණ 10 ත් සමහ මෙම ඉහළ යාම සිදුව ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ එම කොරෝනා මරණ 10, කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මෙතෙක් ඔස්ට්‍රේලියාවේ දිනකට වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙසද වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා මරණ 10 අතරින් එක් පුද්ගලයෙකු හතළිස් වියෙහි පසුවූ අයෙකු වන අතර හත් දෙනෙකු වැඩිහිටි නිවාස වල වාසය කළ පුද්ගලයෝ වෙති.

සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වූ පැය 24 තුළ සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 475 කි.

ඉන් 459 ක් ම වාර්තා වී ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයෙනි.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 241 ක් දෙනෙකු ඔස්ට්‍රේලියාව පුරා රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර 46 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙම වයිරසයට ඉහළ අවදානමින් යුක්ත පිරිස් මේ අවස්ථාවේදී ඉතා ප්‍රවේශම් විය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now