ඔක්තෝබර් 14: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 7 ක් සමග කොරෝනා මරණ 5 ක්

Coronavirus inspired art is seen attached to a tree near Albert Park in Melbourne, Wednesday, August 5, 2020.

Coronavirus inspired art is seen attached to a tree near Albert Park in Melbourne Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 7 ක් සමග කොරෝනා මරණ 5 ක් වාර්තා වෙයි.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 816 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 904 කි.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 9.6 ක් දක්වා යළි පහත වැටී තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.6 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 14 දෙනෙකු වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන බවද සඳහන්.

 


Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now