2021 අගෝස්තු 05: ප්‍රභවය හඳුනා නොගත් ආසාදිතයින් තිදෙනෙකු සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 6 ක්

Al-Taqwa college is the source of Melbourne's biggest coronavirus cluster.

Al-Taqwa College geçen yıl büyük bir salgının merkezindeydi. Source: SBS News

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 6 ක් හමුවූ බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එයින් එක් ආසාදිතයෙකු Truganina ප්‍රදේශයේ පිහිටි Al-Taqwa පාසලේ  ගුරුවරියක් වන අතර ඇයට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් සොයා ගැනීමට නොහැකිවී ඇත.

Hobsons Bay නගර සභා කලාපයේ ජීවත්වන ඇය 20 වන වියෙහි පසුවන බව සඳහන්.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් නොදුනහොත් අදාළ පාසල දින 14 ක් වසා තබනු ඇත.

එම පාසලේ 300 ක කාර්ය මණ්ඩලයක්ද 2,100 ක සිසුන් පිරිසක්ද සිටින අතර ඒ සියලු දෙනා හට අද දිනයේදී කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

ඇයට අමතරව තවත් ආසාදිතයින් දෙදෙනෙකුට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් විමර්ශනය කරමින් පසුවෙයි.

මේ අතර ඊයේ දිනයේදී (04/08) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා එන්නත් 27,279 ක් ලබා දී තිබේ.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now