SKIP TO MAIN CONTENT

පෙබරවාරි 16: වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් තවත් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

Victorian Premier Daniel Andrews addresses the media in Melbourne as he announces a five-day lockdown on Friday, 12 February.
Victorian Premier Daniel Andrews addresses the media in Melbourne as he announces a five-day lockdown on Friday, 12 February. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් ඊයේ (15/02) දිනයේදී සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු සොයාගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු ප්‍රජාව තුළින් ද සෙසු දෙදෙනා හෝටල් නිරෝධායනයේ යෙදී සිටි සංචාරකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.

ප්‍රජාව තුළින් හමුවූ ආසාදිතයින් දෙදෙනා මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයෙකු ගේ නිවසේ සාමාජිකයින් බව සඳහන්.

ඒ අනුව මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර අද (16/02) උදෑසන වන විට 19 දක්වා ඉහළ ගොස් ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඊයේ දිනයේදී කොරෝනා පරීක්ෂණ 23,950 ක් සිදුකර ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now