SKIP TO MAIN CONTENT

මැයි 28: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමු වෙයි

Victoria recorded two new locally acquired coronavirus cases as high-risk exposure sites were revealed.
Victoria recorded two new locally acquired coronavirus cases as high-risk exposure sites were revealed. Source: Getty Images AsiaPac

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 30 දක්වා වැඩිවී තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 47,662 සිදුකර ඇති අතර ඊට පෙර දිනය වන බදාදා (26/05) දිනයේදී කොරෝනා පරීක්ෂණ 40,411 ක් සිදු කර ඇති බව සඳහන්.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා එන්නත් මාත්‍රා 17,223 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී ඇති අතර එය ප්‍රාන්තයෙන් එක් දිනකදී මෙතෙක් ලබා දුන් ඉහළම කොරෝනා එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලෙසට ද වාර්තා වේ.

මේ අතර විදෙස්ගතව සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණ හෝටල් නිරෝධයනයේ සිටින පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා වයිරසය වැළදී ඇති බවට වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now