SKIP TO MAIN CONTENT

Box Hill රෝහලේ ප්‍රහාරයෙන් පසුව වික්ටෝරියානු රජයේ රෝහල් වල ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන දෙගුණ කෙරේ.

Box Hill Hospital
44 year old admitted to hospital with blood clot after receiving COVID-19 vaccine. Source: Box Hill Hospital

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

පසුගිය මාසයේදී Box Hill රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුට සිදු කළ බරපතල පහරදීම හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ රජයේ රෝහල් වල ආරක්ෂාව තර කිරීමට අදාළ ප්‍රතිපාදන දෙගුණ කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

පසුගිය මාසයේදී Box Hill රෝහලේ ඉදිරි පිවිසුම් ශාලාවේදී ශල්‍ය වෛද්‍ය Pritzwald-Stegmann හට අමානුෂික ලෙස හිසට පහරදීම හේතුවෙන් ඔහුට සිහිසුන් නැති විය.

මේ වන විටත් ඔහුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.

ශල්‍ය වෛද්‍යවරයාට පහරදුන් Joseph Esmaili නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර සාහසික පහරදීම යන වරද යටතේ ඔහුට දඬුවම් පමුණවා ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇති රජයේ රෝහල්වල ආරක්ෂාව සඳහා පසුගිය වසරේ ඩොලර් මිලියන 20 ක් වෙන් කෙරුණු අතර මෙම සිද්ධියෙන් අනතුරුව එයට තවත් ඩොලර් මිලියන 20 ක් එකතු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now