වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රයට අලුත් වෙනසක්, සියලු විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට වසර 2024 දී ඩිජිටල් රියදුරු බලපත්‍රයක් භාවිත කිරීමට හැකිවනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

Cars on a freeway.

Digital driver's licences will be rolled out across Victoria in 2024. Source: AAP / David Crosling

වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මෙහි අත්හදා බැලීම් කටයුතු එළඹෙන ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට 2024 දී ඩිජිටල් රියදුරු බලපත්‍රයක්

වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට වසර 2024 දී ඩිජිටල් රියදුරු බලපත්‍රයක් භාවිත කිරීමට හැකිවනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා මෙය ව්‍යාප්ත කිරීමට පෙර 2023 ජූලි මාසයේදී සම්පූර්ණ රියදුරු බලපත්‍රලාභීන් (full licence holders) සඳහා Ballarat ප්‍රදේශයේදී මෙය තාක්ෂණික වශයෙන් අත්හදා බැලීම් ආරම්භ වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඩිජිටල් රියදුරු බලපත්‍රය Service Victoria app එක හරහා ලබා ගත හැකි අතර එය අවලංගු කර හෝ අත්හිටුවා තිබේද යන්න ද එසැණින් තහවුරු කරගත හැකිවේ.

රියදුරන්ට ඔවුන්ගේ භෞතික රියදුරු බලපත්‍රය භාවිතා කිරීමට තවමත් අවස්ථාව තිබෙන බවද වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයක් භාවිතා කරන සිව්වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වනු ඇත.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයක් භාවිතා කිරීම ආරම්භ කළ පළමු ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වසර 2017 දී පත් වූ අතර 2019 දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එම පියවර අනුගමනය කළේය.

පසුගිය මාසයේදී Townsville කලාපයට පළමුව හඳුන්වාදෙමින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ද මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රයක් සිය ප්‍රාන්ත වැසියන්ට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඩිජිටල් රියදුරු බලපත්‍රයේ භාවිතය සහ දත්ත

මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය අනන්‍යතා සාක්ෂියක් ලෙස ද භාවිත කළ හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත රජය තහවුරු කර ඇත.

පොලිස්, ව්‍යාපාර සහ අනෙකුත් බලධාරීන්ට QR කේතයක් හරහා එහි සත්‍යතාව තහවුරු කිරීමට හැකි වනු ඇතැයි ප්‍රාන්ත රජය පවසයි.

පුද්ගලිකත්ව හේතූන් මත ඇතැම් පුද්ගලික තොරතුරු පමණක් තම ඩිජිටල් රියදුරු බලපත්‍රයේ පෙන්වීමට පරිශීලකයින්ට අවස්ථාව ලැබේ.

රාත්‍රී සමාජ ශාලාවකට වැනි ස්ථානයකට ඇතුළු වන කෙනෙකුට රියදුරු බලපත්‍රයේ ඇති තම ලිපිනය එහි සිටින ආරක්ෂක නිලධාරීන්ට පෙන්වීමට අවශ්‍ය නොවන්නේ නම්, ඔවුන්ට ඔවුන් 18 ට වැඩි බවට වන සාක්ෂි පමණක් මෙම රියදුරු බලපත්‍රයේ පෙන්විය හැකි බව රාජ්‍ය සේවා අමාත්‍ය Danny Pearson පැවසුවේය.

පුද්ගලයෙකු මහ මගදී නැවැත්වුවහොත් මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය scan කර අදාළ රියදුරුගේ රිය පැදවීමේ ඉතිහාසයට ප්‍රවේශ වීමට ද පොලිසියට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

"අපට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දත්ත පාලනය කරන්නේ කෙසේද, ඔවුන් දත්ත භාවිතා කරන්නේ කෙසේද සහ ඔවුන් පෙන්වීමට හෝ නොපෙන්වීමට සූදානම් වන්නේ කුමන දත්ත ද යන්න තීරණය කිරීමට හැකි තේරීමක් ලබා දීමටයි," රාජ්‍ය සේවා අමාත්‍ය Danny Pearson පැවසීය.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now